Sinhala Literary Society

අප පාසලේ දරුවන්ගේ සිංහල භාෂා පිළිබඳ කුසලතා වර්ධනය කිරීම සඳහාත්,සිංහල භාෂාව පිළිබඳව ළමුන්ට ඉගැන්වීම සඳහාත් අප පාසලේ සිංහල භාෂාව භාර ගුරුවරුන් විසින් සිංහල සාහිත්‍ය සංගමය පවත්වාගෙන යනු ලබයි.පෑන අවිය කරගත් වියතුන් බිහි වූ සමාජයක හෙළ බස පිළිබඳව ළමුන් දැනුවත් කිරීම අරමුණු කරගනිමින්,ලමුන්ගෙ සාහිත්‍යමය හැකියාව මෙන්ම ඉදිරිපත් වීමේ හැකියාව ද වර්ධනය කිරීමට මෙම සාහිත්‍ය සංගමය මහඟු  පිටුවහලක් වන බව නොඅනුමානය.

 

තවද ශ්‍රී ලාංකික දරුවන් වශයෙන් තමා ගේ මව් මවුභාෂා වන සිංහල භාෂාව පිළිබඳව ශ්‍රී ලාංකික දරුවන් ඉගෙන ගන්නා ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව තේරුම් ගනිමින් අප පාසලේ සිංහල භාෂා භාර සියලු ගුරුවරුන් මේ කරන කැපවීම බොහෝ සෙයින් අගය කරමු.