භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය ප්‍රගතිය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

 

1935.03.11

එස්.සුබසිංහ මහතා

 වීරපාන පදේශයෙ ජන්මලාබය ලැබූ මෙතුමා එකල අධ්‍යාපන සුදුසුකමක් ලෙස සැලකූ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර විභාගය සමත් වූ අයෙකි. මේ පිළිබඳව සලකා බැලූ අප විද්‍යාලයේ නිර්මාතෘ තුමා ඇතුළු දෙණියාය බෞද්ධ සමිතිය විදුහල්පති ලෙස මෙතුමා පත්කර ගැනීමට තීරණය කර ඇත. ළමුන් තිස්දෙනෙකුගෙන් පටන්ගත් විදුහලේ ප්‍රථම විදුහල්පති වූයේ මෙතුමාය. 1935.03.11 සිට 1937.01.07 දක්වා සේවය කර ඇත.
 1937.07.07 එම්.කොඩිහාර මහතා
 බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ දෙවැනි විදුහල්පති ලෙස කටයුතු කර ඇති මෙතුමා පිළිබඳ විස්තර හෝ ඡායා රූපයක් හෝ සොයාගැනීමට නොහැකි විය. 1937.07.07 සිට 1939,02.01 දක්වා කටයුතු කර ඇත්
1939.01.01 ඩී.ඒ.කරුණානායක මහතා
දෙණියාය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව එහි කළමනා කාරීත්වය මගින් රජයට පවරා දුන් පසු රජයෙන් පත් කරන ලද පළමු විදුහල්පති වරයා ය. (1939 1946) මෙතුමාගේ සේවා කාලය තුළ මෙම පාසල මධ්‍ය විද්‍යාලයක් බවට උසස් කිරීම සිදු විය. ඉන්පසු මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශය භාර විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. මෙතුමා කඹුරුපිටිය ප්‍රදේශයේ ජන්ම ලාබය ලැබූවෙකි.
1944-1954

කේ.එස්.සුමනසූරිය මහතා

දෙණියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති තුමා ය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජන්ම ලාබය ලැබූ මෙතුමා ලන්ඩන් ටී. ඒ. උපාධි ධරයෙකි. දෙණියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වීමට පෙර රත්ගම දේවපතිරාජ විද්‍යාලය, පානදුර සුමංගල යන විදුහල්වල සේවය කර ඇත. මෙතුමාගේ කාලයේ මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිමේ කටයුතු ආරම්භ කරන ලදි. වසර දහයකට ආසන්න කාලයක් විදුහල්පති ලෙස (1944- 1954) කටයුතු කළ මෙතුමා දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ සේවය සඳහා ගොස් ඇත. ඉන්පසු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි කථිකාචාර්ය (1990 - 1998) ධුරය හෙබවූ එතුමා ග්‍රන්ථ කර්තෘ වරයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත් වී ඇත.

1954.01.04

එච්.ආර්.පෙරේරා මහතා
 කේ. එස්. සුමන සුරිය මහතාගෙන් පසු මෙතුමා විදුහල්පති තනතුරට පත් විය. මධ්‍ය විද්‍යාලයිය ගොඩනැගිලි සංකීර්ණය විවෘත කර ඇත්තේ මෙතුමාගේ පාලන කාලය තුළ ය. 1954.01.04 සිට 1956.10.01 දක්වා කටයුතු කර ඇත. සමස්ත ලංකා වොලිබෝල් ශූරතාවය විදුහල විසින් දිනාගෙන ඇත්තේ මෙතුමාගේ පාලන කාලයේ ය.

1956.10.04

කේ.එන්.සී. ද අල්විස් මහතා

   1956.10.04 80 1957.09.01 දක්වා විදුහල්පතිධූරයේ කටයුතු කර ඇත. ප්‍රථම වරට නිවාසාන්තර ක්‍රීඩා තරගයක් සංවිධානය කර ඇත්තේ මෙතුමාගේ පාලන කාලය තුළදී ය. එසේම නිවාසාන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා තරග ආරම්භ කර ඇති බව ද සඳහන් වේ.
 1958.01.06

නෙල්සන් එදිරිසූරිය මහතා

   
1958.01.06 80 1959.09.01 දක්වා විදුහල්පති ධූරයේ කටයුතු කර ඇති මෙතුමා ගේ කාලය තුළ අපො.ස. උ.පෙළ කලා පන්ති ආරම්භ කර ඇත. එසේම මල්ලව පොර ක්‍රීඩාව විදුහලේ ආරම්භ කර ඇත්තේ මෙතුමාගේ පාලන කාලය තුළ වන අතර දක්ෂිණ ලංකා මල්ලව පොර ශූරතාවය ද දිනාගෙන ඇත.
 1959.09.01

එම්.අබේගුනරත්න මහතා

   1959.09.01 80 1964.01.01 දක්වා විදුහල්පති ධූරයේ කටයුතු කර ඇත. නෙල්සන් එදිරිසූරිය විදුහල්පති තුමාගේ පාලන කාලය තුළ ඇති ඇති කරන ලද උසස් පෙළ පන්තිවල දක්ෂතාව වූයේ මෙතුමා යන් එලි දැක් ගේ පාලන කාලය තුළ ය. ඒ අනුව මුලින්ම සිසු සිසුවියන් නව දෙනෙකු විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත. පාසල් ලාංඡනය සකස් කර ඇත්තේ මෙතුමාගේ පාලන කාලය තුළ වන අතර බුදු මැදුරක් ඉදිකරවාදීමේ ගෞරවය ද මෙතුමා සතු වේ. ඉතා දක්ෂ ආචාර්ය මණ්ඩලයක් සිටි මෙතුමාගේ පාලන කාලය තුළ බාලක නේවාසිකාගාරය ද විවෘත කර ඇත. එසේම පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මූලික වැඩ කටයුතු ආරම්භ කර ඇත.
 1964.01.06  

ඩී.ඩී.පී.සමරවීර මහතා

   1964.01.06 80 1967.02.24 දක්වා එතුමා විදුහල්පති ධූරයේ කටයුතු කර ඇත. මෙතුමාගේ පැමිණීමෙන් පසු විද්‍යාලයීය ගීතයක් නිර්මාණය කරන ලදි. (එය ප්‍රබන්ධ කර ඇත්තේ සමන් පුස්තකාල ගොඩනැගිල්ලක් විවෘත කිර්ම පන්ති ති. විජේසේකර මහතාය.) කාමර ගොඩනැගිල්ලක් විවෘත කිරීම සහ ප්‍රථම ත්‍යාගප්‍රදාන උත්සවය පැවැත්වීම සිදුවිය.

 1968.03.02  

යූ.ඒ.එෆ්.දර් මසිරි මහතා

 1968.03.02 සිට 1969.12.31 දක්වා කාලය මෙතුමා විදුහල්පති ලෙස සේවය කර ඇත. මෙතෙක් භාවිත කළ පාසල් ලාංඡනය නවීකරණය කොට සකස් කිරීම සිදු කර ඇත
 1970.07.16  

ඩබ්.ඩී ඈපා මහතා

   1970.07.16 80 1978.09.03 දක්වා කාලය එතුමා විදුහල්පති ධූරයේ කටයුතු කර ඇත. චතුමාගේ වර්ෂ අටක සේවා කාලය වාණිජ විද්‍යාගාරයක් තුළ ඉදි කර ඇති අතර විද්‍යාලයට දුරකථන පහසුකම් ලබාදීම සඳහා මූලිකව ක්‍රියාකොට ඇත. එසේම 71 වර්ෂයේ කැරළි කෝළාහලවලින් පිරි වර්ෂයක් වූ හෙයින් විද්‍යාලයේ නේවාසිකාගාරය වසා දැමීමට ද සිදුවී ඇත.

 1978.11.07  

එස්.උබේසේකර මහතා

   1978.11.07 GO 1981.11.11 දක්වා කාලය ත.ළ විද්‍යාලයේ ආචාර්ය වරයෙකුට සිටි එතුමා විදුහල්පතිවරයා වශයෙන් පත්වීම්. ලබා වර්ෂ 3ක් සේවය කර ඇත. මෙම කාල සීමාව තුළ 1980.01.18 දින නොමිලයේ පොත් බෙදාදීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්ව යෙන් උත්සවයක් සංවිධානය කර ඇති අතර මෙම කාල සීමාව තුළ සිංහල සාහිත්‍යයේ නාට්‍ය අංශයෙන් ප්‍රබෝධයක් ඇති විය. ඒ සඳහා විද්‍යාලයේ ආචාර්ය වරයෙකු වන අමරදාස රණවක අයි. සී. එන්. ජයසේකර පී. සිරිසේන ඒ. එස්. ජයවීර යන මහත්වරුන් මූලිකව ක්‍රියා කොට ඇත. එසේම අධ්‍යාපන නිලධාරියෙකු වශයෙන් උසස් වීමක් ලැබ පාසලෙන් ඉවත්ව ගිය අතර අදට ද එතුමා විශ්‍රාමව නිරෝගී සුවයෙන් කල්ගෙවයි.

 1978.07.11  

එස්.අබේවික්‍රම මහතා

   විද්‍යාලයේ 14 වන විදුහල්පති වශයෙන් 1981.07.11 80 1984.06.25 දින දක්වා සේවය කරන ලද්දේ එතුමා ය. මෙතුමා අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජ්‍යෙෂ්ඨ සහතික අතර පත්‍ර පාඨශාලා සමත් වූ පළමු වැනියා ද වේ. මෙතුමාගේ කාල සීමාව තුළ විද්‍යාලය ආරම්භ කිරීමේ පුරෝගාමිව ක්‍රියා කළ ඩී. එෆ්. ආර්. විජේසේකර මහතාගේ අභාවය 1984.01.17 වන දින සිදුවූ අතර එම දේහයට අවසන් ගෞරව දැක්වීම වශයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තබා අවසන් බුහුමන් දක්වා ඇත.

 1984.09.01

පූජ්‍ය මාවනනේ දේවානාද හිමි

   1984.09.01 80 1989.08.14 දින දක්වා කාලය තුළ විදුහල්පති ධූරයේ පූජ්‍ය මාවනානේ දේවානන්ද හිමියන් සේවය කර ඇත. මෙම අවධියේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා මොරවක මධ්‍ය විද්‍යාලයත් දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයත් අතර වාර්ෂික ක්‍රිකට් තරඟාවලි තුනක් අඛණ්ඩව පවත්වා ඇත. අයහපත් දේශපාලන තත්ත්වය හමුවේ එම තරගාවලිය නවතා දැමීමට සිදුවී ඇත.

 1989.09.04

ඒ.ජේ.පී.කරුණාවතී මහත්මිය

   
විදුහල්පතිවරියක ලෙස 7989.09.04 වන දින වැඩ බාරගනු ලැබුවේ ආදි ශිෂ්‍යාවක වන ඒ.ජී.ජී.කරුණාවතී මහත්මියයි. මෙතුමිය 1990.04.25 දින අදයාපන අදයක්ෂ තනතුරක් ලබා විද්‍යාලයෙන් සමුගන්නා ලදි. විදුහලේ සජීවීකරණ ඒකකයට අදාර ලැබුනේ මෙම කාලසීමවේදී ය.
 1990.04.25

කේ.එල්.ජී.කිත්සිරි මහතා

   ජේ. පී. කරුණාවතී මහත්මියගේ සමුගැනීමෙන් පසු නියෝජ්‍ය දුහල්පති වරයා වශයෙන් වැඩ බැලූ කේ. එල්. පී. කිත්සිරි මහතා 1990.04.25 දින සිට 1991.03.04 දක්වා විදුහල්පතිවරයා වශයෙන් වැඩ භාර ගන්නා ලදි. එතුමා 1991.03.04 දින මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් මාරුවීම් ලැබුවේ ය.
 1994.10.06 කේ.එස්.සුසිල් ප්‍රේමනාත් මහතා
   1991.08.01 දින සිට 1994.01.06 දින දක්වා කාල සීමාව තුළ  විදුහල්පතිවරයා වශයෙන් සේවය කරන ලද්දේ එතුමාය. මෙතුමාගේ කාල සීමාව තුළ ආදි ශිෂ්‍ය මවු සංගමය හා කොළඹ ශාඛාව එකට සම්බන්ධ කර ප්‍රතිසංවිධානය කොට කටයුතු කිරීමට පහසු වන ආකාරයට ක්‍රියාත්මක කිරීමට සහ මධ්‍ය විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම පැවැත්වීම ද සිදු කරන ලදි. එසේම ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගය ඇතිව වසා දමා තිබූ නේවාසිකාගාරය යළි විවෘත කොට පවත්වා ගෙන යාමට කටයුතු කිරීමත් විද්‍යාලයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව පාසලට 1993.06.25 වන දින අයි. එස්. සී. ව්‍යාපෘතිය හා සම්බන්ධව තෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු පරිගණක පද්ධතියක් මෙන්ම රෝනියෝ යන්ත්‍රය ලබා ගැනීම ද යටිතල පහසුකම් යටතේ පුටු 300ක් ලබා ගැනීමද සිදු වූ අතර මෙතුමා කළ ඉතාමත් වැදගත් සත් ක්‍රියාවක් නම් විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුවක් පත් කිරීමයි. ඒ සඳහා ඩබ්. පියසුමන මහතා එච්. ජේ. ආර්. විජේසේකර මහතාත් පත් කරන ලදි. එසේම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු කාර්යයන් කොතෙකුත් බාධක හමුවේ ජය ගැනීමට මෙතුමා සමත් විය. ඒ අනුව 1994.03.15 දින දෙනියාය මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලදි. 1994.10.06 දින ඩබ්. බී. පියතිස්ස මහතාට අහංගම සාරි පුත්‍ර විදුහලට ස්ථාන මාරුවක් ලැබිණි.

 1994.10.06  කේ. ඒ. සුසිල් ප්‍රේමනාත් මහතා
 1994.10.06 - 2004.11.08 දින දක්වා වසර 10ක් විදුහල්පතිවරයෙකු වශයෙන් සේවය. කළ මෙතුමා විද්‍යාලයේ නව සන්ධිස්ථාන යක් සනිටුහන් කළේය. ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය සහ ඩබ්. ඩී. පියතිස්ස මැතිතුමාගේ මැදිහත්වීම යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද එක් නේවාසිකාගාරයක් වන බාලිකා නේවාසිකාගාරය මෙතුමාගේ මැදිහත්වීම මත විවෘත කිරීමට හැකි වූ අතර නව පරිගණක මධ්‍යස්ථානයකට මුල්ගල් තබා එය වෘත කිරීමට ද හැකි විය. එසේම මෙම අවධිය තුළ විද්‍යාලයේ අභ්‍යන්තර ඇමතුම් පද්ධතියක් ලබා ගැනීම පුස්තකාල ගොඩ නැගිල්ලක් ඉදිකිරීම ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු මෙන්ම මහ පොළ වැඩ සටහන තුළින් විද්‍යාලයේ විශාල වැඩ කොටසක් ඉටු කර ගැනීමට ද හැකි විය. එසේම ඒකාබද්ධ කිරීමට යෝජිතව තිබූ කන්නන්ගර විද්‍යාලය ලෙස හඳුන්වන ලද ප්‍රාථමික අංශය ඒකාබද්ධ කෙරිණි. මෙම කාල සීමාව තුළ විද්‍යාලයේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත ද වර්ධනය විය. 2004.11.08 වන දින මෙතුමාට ගාල්ල මහින්ද විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලැබිණ.
2004.12.06 එන්.එච්.කන්ඩම්බි මහතා
    2004.12.06-2011.08.04 දක්වා මෙතුමා පාසලට නිබද සේවයක් ඉටු කරන ලදී.  
  2011.02.04 ඩී.ජී.හේමපාල මහතා
    2011.02.04-2015.01.21 දක්වා මෙතුමා පාසලට නිබද සේවයක් ඉටු කරන ලදී.                       
 2015.01.26
ඩබ්.ඒ.වික්‍රමසිංහ මහතා
   2015.01.26-2020.02.27 දක්වා මෙතුමා පාසලට නිබද සේවයක් ඉටු කරන ලදී.  
 2020.02.27 එච්.ජී දයාරත්න මහතා
   2020.02.27-2022.12.22 දක්වා මෙතුමා පාසලට නිබද සේවයක් ඉටු කරන ලදී.
 

 

Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Deniyaya Central College, Deniyaya

: (+94)412273207

: (+94)412273207

: [email protected]

Supported By

© 2026 Deniyaya N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk