භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය ප්‍රගතිය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

නුග සෙවණ

                                                                           


     දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මොරවක් කෝරළය එදා කීර්ති ශ්‍රී මේඝ වර්ණාභය (කිත්සිරි මෙවන් ) රජ දවස කන්ද උඩරට දළදා මාලිගයේ වැඩ සිටින බෞද්ධයාගේ මුදුන් මල්කඩ සේ සැලකෙන ශ්‍රී දළදා වහන්සේට ආරක්ෂාව හා රැකවරණය සැලසු ප්‍රදේශයකි. එදා මෙන් ම අදත් මෙම ප්‍රදේශයට අද්විතීය වටිනාකමක් එක් කරන්නට එක් හේතුවක් නම් ලෝක උරුමයක් ලෙස නම්කර ඇති සිංහරාජ වන පියස යි. වියට මායිම්ව දෙණියාය නගරය මැදින් ගලායන ගිං ගං අසබඩ රමණීය කඳු ගැටයක අප විද්‍යාස්ථානය පිහිටා ඇත. මේ අනුව ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් වන මෙම විද්‍යාස්ථානය ප්‍රදේශයේ ද දරුවන්ගේ භාග්‍යට පහළ වුවත් ලෙස සැලකිය හැකි ය.

මෙරට යටත් විජිතයක්ව පැවති කාලසීමාව තුළ අධිරාජ්‍යවාදින්ට හැකි, බටහිර සංස්කෘතිය වැළඳගත්, රාජ්‍ය පාලනයට උරදෙන පිරිසක් බිහිකරදීමේ අරමුණ පෙරදැරි කරගත් මිශනාරි අධ්‍යාපන ක්‍රමය අප ප්‍රදේශයට ද දින්ම ලපා තිබුණි. එයට ප්‍රධාන හේතුවක් වූයේ තේ, රබර්, එනසල් වැනි වැවිලි ආර්ථිකය හා බැඳුණු විදේශිකයන් මෙන් ම ස්වදේශිකයන්ගෙන් වැඩි පිරිසක් ද ක්‍රිස්තු භක්තිකයන් වීමයි.

මේ තුළින් බෞද්ධ සාරධර්මවලට හා එමගින් හික්මවන ලද ජන සමාජයට වන හානිය තේරුම් ගත් බෞද්ධ ප්‍රභූ පිරිස් එවකට දෙනියාය ශ්‍රී පුෂ්පාරාමාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක දූරය දරන බේනුපනාතර ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ඩී. එෆ්. ආර්. විජේසේකර මහතාගේ නායකත්වයෙන් දෙණියාය බෞද්ධ සමිතිය නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී.

මිෂනාරී අධ්‍යාපන ක්‍රමය තුළින් බොදුනුවන්ට වන හානිය වළක්වා බෞද්ධ සාරධර්මවලට අනුකූල අධ්‍යාපන ක්‍රමයක් තුළින් දෙණියාය ප්‍රදේශය ඒකාලෝක කිරීම මෙම සංවිධානයේ බලාපොරොත්තුව විය.

මෙම බලාපොරොත්තුව මල්ඵල ගැන්වීය සඳහා පාසලක් ඉදිකිරීමට තරම් යෝග්‍ය ඉඩමක් තෝරා ගැනීම බෞද්ධ සමිතිය මුහුණපෑමට ප්‍රධානතම ගැටලුවක් විය. ඒ අනුව බෞද්ධ සමිතියේ සභාපති ඩී. එෆ්. ආර්. විජේසේකර මහතාගේ සහෝදර ඩී. ඩබ්. ආර්. විජේසේකර මහතාට අයත්ව තිබූ දෙණියාය නගර මධ්‍යයේ පිහිටි බිම් කොටසක් පරිත්‍යාග වශයෙන් ලබාගෙන මූලික ඉදිකිරීමේ කටයුතු සිදුකර ඇත. (දැනට කොමර්ෂල් බැංකුව පිහිටා ඇති ස්ථානය අසල) එය හදිසියේ ගිනිගෙන විනාශ වී යාම හේතුවෙන් වෙනත් ස්ථානයක් තෝරා ගැනීමට ඔවුන්ට සිදුවිය. ඒ අනුව විජේසේකර පරපුරටය වැඩි කොටසක් හිමිව තිබූ භූමියෙන් ඩී. එෆ්. ආර්. විජේසේකර මහතාට අයිති 'මල්ගල්ල නැමැති දැනට විදුහල පිහිටා ඇති බිම් කොටස පාසල ඉදිකිරීම සඳහා තෝරාගන්නා ලදි. උක්ත බෞද්ධ සමිතියේ නිර්මාතෘ ඩී. එෆ්. ආර්. විජේසේකර මහතාගේ සහ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ධූරන්ධර ඛෙරලපනාතර ධම්මරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මහ නුග ගස අසළ කටුමැටි ගසා බටකොළ සෙවිළිකර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරන ලදි.

එකල උසස් අධ්‍යාපන සුදුසුකමක් ලෙස සැලකූ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර විභාගය සමත්ව සිටි වීරපාන ප්‍රදේශයේ එස්. සුභසිංහ මහතා මුල් ගුරුවරයා ලෙස තෝරා ගෙන පාසලේ කටයුතු ආරම්භ කළ යුතු බවට අනුශාසක ස්වාමි වහන්සේ ප්‍රමුඛ බෞද්ධ සමිතිය තීරණය කොට අනුව 1935 මාර්තු මස 11 වැනි දින පෙරවරු යෙදී තිබුණු සුභ මොහොතින් අප අනුශාස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙ පිරිත් හා ආශිර්වාද මැද ''දෙණියාය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව” නමින් මෙම පාසල ආරම්භ කරන ලදි.


ආරම්භක සිසුන් සංඛ්‍යාව 30 ක් වූ අතර විදුහල්පතිතුමාත් එකම ගුරුවරයාත් වූයේ එස්. සුභසිංහ මහතාය. පාසලේ කළමනාකාරවරය වශයෙන් කටයුතු කරන ලද්දේ පාසලේ නිර්මාතෘ ඩී. එෆ්. ආර්. විජේසේකර මහතා ය. මෙතෙක් පාසල් ගමන්මග මලින් පිරී ගිය එකක් නොවී ය අධිරාජ්‍යවාදී වතුපාලකයින් ගෙන් මෙන් ම ඔවුන්ට දරදිය ඇඳි අය විසින් ද කරන ලද කෙනෙහිලිකම් අකුල් හෙලීම්, බියවැද්දීම්, මෙන් ම පහරදීම්වලින් ද පිරී ඉතාමත් අමිහිරි කටුක මාර්ගයක් විය. අවස්ථානෝචිතව ඉවසිලිවන්තව හා ඤාණාන්විත ව එම සියල්ලට ම මුහුණ දී තමන්ගේම ඉඩම් කොටසක ශ්‍රමය ධනය කාලය වැය කොට පාසලක් ඉදි කොට සමාජයට දායාද කිරීමේ හැකියාව පාසල් නිර්මාතෘ ඩී. එෆ්. ආර්. විජේසේකර මහතා ප්‍රධාන බෞද්ධ සමිතියට හැකියාව ලැබුණි. දකුණු ලක සශ්‍රීකත්වයට පත්කරමින් ගලා බසින ගිං ගඟ කොමලිය ගේ පෝෂණ කලාපය වූ දෙණියාය, මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදෙනවා සේ ම රටට අවශ්‍ය දැනුම ආකල්ප කුසලතාවලින් පිරි මානව පරපුරක් ගොඩනැගීමේ මහඟු කාර්යයට ද උරදෙන තෝතැන්නක් බවට ක්‍රමයෙන් පත් වූයේ මෙසේය.


මෙම කුඩා පාසල එකම මිෂනාර් පාසල්වලට මහත් අභියෝගයක් විය. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ ගියේ ය. එබැවින් ඩී. එෆ්. ආර්. විජේසේකර මහතාගේ ආරාධනය පරිදි එච්. ඩබ්. අමරසූරිය මහතා එම වසරේ ම එනම් තවත් පාසල් ගොඩනැගිල්ලකට මුල්ගල් තබන ලදි. 1936.02.02 දින විද්‍යාලයට එක් වූ මාටින් කොඩිකාර මහතාගේ පැමිණීමෙන් පසු එම ගොඩනැගිල්ල ද 1935.09.09 දින විවෘත කොට පන්ති පවත්වන ලදි. පාසලේ සිසුන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසාත්, පාසල දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගත යුතු වූ නිසාත්, එවකට පාඨශාලා පරීක්ෂකවරයෙකු ව සිටී එම්. එස්. වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි පාසලේ පරිපාලනය රජයට පවරා දීමට ඩී. එෆ්. ආර්. විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් බෞද්ධ සමිතිය තීරණය කරන ලදි.ඉක්බිති මෙය රජයේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස නම් කරන ලද අතර ඩී. ඒ. කරුණානායක මහතා රජයෙන් පත් කරන ලද ප්‍රථම විදුහල්පතිවරයා ලෙස 1939.02.01 දින වැඩ භාර ගන්නා ලදි....

1989 වර්ෂය වන විට සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ පාසැල් පරිපාලනයට දෙමාපියන් ද සහභාගි කරවා ගැනීමේ ක්‍රියාවලිය ඇරඹී තිබිණි.

ඒ අනුව අප පාසලේ ද ගුරු දෙගුරු රැස්වීමක් 1939.12.23 වන දින කැඳවන ලද අතර එහි සභාපති තනතුරට මොරවක රාජ්‍ය මන්ත්‍රණසභා මන්ත්‍රී ආර්. සී. කන්නන්ගර මහතා පත්කර ගන්නා ලදි. මෙම රැස්වීමට පාඨශාලා පරීක්ෂක එම්. එස්. වීරසිංහ මාතර රාහුල විදුහලේ විදුහල්පති ඩී. ජේ. කුමාරගේ, ඒ. ආර්. රණවක, වී. පී. ඩබ්. රත්නායක යන මහත්වරුන් සහභාගි වූ අතර උපසභාපති ලෙස ඒ. ආර්. රණවක මහතා පත් කර ගන්නා ලදි. (1939.12.23 බ්ලොග් සටහන)

කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය හම්බන්තොට වීරකැටියේදී 1940 ඔක්තෝබර් මාසයේ දී විවෘත වූ අතර එම වසරේ ම මෙම පාසල ද ජ්‍යෙෂ්ඨ පාඨශාලාවක් ලෙසට උසස් කරන ලදි. මහජන ප්‍රසාදය හා සහයෝගය මෙන් ම රාජ්‍ය අනුග්‍රහය ද ලැබීම නිසා දිනෙන් දින දියුණුවට පත් වූ මෙම විදුහල ද මධ්‍ය විද්‍යාල තත්ත්වයට උසස් කර ගැනීම සිත් තුළ තබා ගත් ගුරු දෙගුරු සංගමයේ නියමුවන් එහි සංවත්සර සභාවකට හා ත්‍යාග ප්‍රදානෝත්සවයකට එවකට අධ්‍යාපන ඇමතිව සිටි සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන් 1941.11.23 වන දින සහභාගි කරවා ගන්නා ලදි.

එදින එතුමා විසින් ලියන ලද ප්‍රශංසාත්මක ලොග් සටහන පිළිබඳව සලකා බැලීමේදී මධ්‍ය විද්‍යාලයක් බවට මෙම පාසල උසස් වීමේ දිනය වැඩි ඈතක නොවන බව සියල්ලන්ට ම පැහැදිලි විය.

ආරම්භ කළ වර්ෂය

1935 මාර්තු 11

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

30

මුල් ගුරුතුමාගේ නම

S. සුබසිංහ

පාසලේ ආදි කතෘගේ නම

D.F.R. විජේසේකර

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

අතීතයේ පාසලේ නම

දෙනියාය බෞද්ධ මිශ්‍ර පාසල

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

 පාසල් නුග ගස අසල  

 

 

 

 

Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Deniyaya Central College, Deniyaya

: (+94)412273207

: (+94)412273207

: [email protected]

Supported By

© 2026 Deniyaya N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk